Latest News

හර්ෂ කිව්ව කපුටු කතාවට ඩයනාගෙන් සැර උත්තරයක්

සමගි ජන බලවේගයත් සිදුකර ඇත්තේ, කපුටු කූඩුවේ බිත්තර දැමීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, ඊයේ (31) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමනුයි.

“රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා.

සමගි ජන බලවේගය කර තිබෙන්නේ “මගේ කූඩුවට” පැමිණ බිත්තර දැමීම බවත් ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබ තුමාගේ නායකයාට පහර ගසන්නට එපා යනුවෙන් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කර තිබෙනවා.