බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ පුද්ගලයාට වසර 10කට පසු සිර දඬුවම්
පාසල් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින්.
මෙලෙස සිර දඬුවමකට ලක්ව ඇත්තේ, 34 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක්.
අදාළ පුද්ගලයා විසින් 2012 වර්ෂයේ කොළඹ නගරාසන්නයේ පිහිටි නිවසක මව සමග සිටි 13 හැවිරිදි පාසල් දැරියක් තම නිවෙසට බලහත්කාරයෙන් රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වසර 10ක කාලයක් පැවති නඩු විභාගය අවසානයේ දී වරදකරුට මහාධිකරණය විසින් රුපියල් 25,000ක දඩයක් නියම කළ අතර අපයෝජනයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.