24 හැවිරිදි මවට සිව් නිවුන් දරු උපතක්
පළමු වතාවට පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.
උපත ලැබූ නිවුන් දරුවන් අතර එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වන බවයි වාර්තා වන්නේ.
අදාළ දරුවන් බිහිකර ඇත්තේ, 24 හැවිරිදි තරුණ මවක් බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශූරින් ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.