ස්වාමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරයි…
දඹුල්ල පොලිස් වසමේ කොට්ටවෙල ප්‍රදේශයේදී ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව දඹුල්ල පොලීසිය සඳහන් කර සිටිනවා.
එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි ගීතා කුමාරි කරුණාතිලක නම් කොට්ටවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මියගිය කාන්තාව විදේශ ගතව සිට පසුගිය 31 වනදා නැවත පැමිණ ඇගේ මවගේ නිවසේ සිටියදී ස්වාමි පුරුෂයා විසින් මෙලෙස ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
දීර්ඝ කාලයක සිට දෙදෙනා අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතයි.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.