Latest News

සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදෙයි…

ලොව කාන්තා ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී ඇතැයි වාර්තා වනවා.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් ජයගෙන ඇති ඇය 40 හැවිරිදි වියේ පසුවනවා.

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී තෙවැනි වටයේ තරඟයකදී අයිජා ටොම්ජොනොවිච් නම් ක්‍රීඩිකාව ට ඇය පරාජය වීමත් සමග සෙරීනා එම තීරණය නිවේදනය කරනු ලැබුවාය.