බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය අද එම ධූරයේ දිවුරුම් දෙයි ………..
බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධූරයට තේරී පත්වූ එලිසෙබත් ට්‍රස් අද එම ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ඇය හෙට (07) දිනයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජූලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ස්කොට්ලන්තයේ බැල්මොරල් කාසල් මාලිගයේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
එම ලිපිය භාරදීමෙන් පසු එළිසෙබත් ට්‍රස් නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම්දීම එම ස්ථානයේ දී ම සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.