Latest News

හත් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ගිය පුවතක් දෙල්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වර්ණකලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නැමති 7 හැවිරිදි දැරියක්.

මෙහිදී දෙල්වල පොලිසිය සඳහන් කලේ, මෙම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේහය ගොඩ ගන්නා බවයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම තවත් අඹුසැමි යුවළක් ද ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයා මේ වන විට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඔහු සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා ස්ත‍්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, සොරකම්, නීති ව්රෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දකු බවයි.

මේ වන විටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින් පවතින බව ද පොලිසිය සදහන් කළා.