Latest News

ආසියානු දැල්පන්දු ශූරතාවය 6 වන වරටත් ශ්‍රී ලංකාවට

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.

සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වන අවස්ථාව මෙය වනවා.