Latest News

ගර්භණි කාන්තාවන්ට යළිත් පෝෂණ දීමනාව

රුපියල් 20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණි කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ජූනි හා ජූලි මාස සඳහා වන පෝෂණ දීමනාව සැප්තැම්බර් මාසය තුළ දී ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවයි වාර්තා වන්නේ.

ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් තුළ ගර්භණි කාන්තාවන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවා තිබූණා.

කෙසේවෙතත් මේ වන විට ලැබෙන ප්‍රතිපාදන මත අදියර කිහිපයක් යටතේ දිවයින පුරා අදාළ දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම ගර්භණි කාන්තාවන් සඳහා ලබාදෙන පෝෂණ දීමනාව ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.