Latest News

රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප හිමි වෙයි

රක්ෂිත බන්ධනාගාරගකර සිටි ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය අරගල ක්‍රියාකාරී දමිතා අබේරත්න මහත්මිය අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.