Latest News

13 හැවිරිදි දරුවාගේ පහරදීමෙන් මිත්තණිය මරුට

13 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් සිදුකළ පහරදීමකින් 81ක් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,හෙම්මාතගම, තල්ගස්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්.

උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වී ඇති අතර එහිදී එම පිරිමි ළමයා සිය මිත්තණියට යකඩ පොල්ලකින් පහරදී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර දරුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.