Latest News

තරුණයින් මුලා කරපු 17 හැවිරිදි තරුණිය පොලිස් අත්අඩංගුවට

“ටික්ටොක්” සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කෞෂා හෂිනි ප්‍රනාන්දු නැමති තරුණිය හා ඇයගේ මස්සිනා වන වැලිහේන පදිංචි විශ්වානදත් විජයම් සහ එල්.ඒ.අයේෂ් දිල්මිණ යන පුද්ගලයින්.

අදාළ තරුණිය විසින් පෙම් සබඳතා පවත්වන තරුණයින් තමන් පදිංචි කොච්චිකඩේ ප්‍රදේශයට උපක්‍රමශීලීව ගෙන්වා තම පෙම්වතා සහ ඔහුගේ මිතුරු කල්ලියත් සමග එක්වී අදාළ තරුණයන්ගෙන් කප්පම් ලබා ගැනීමක් සිදුකරනවා.

අදාළ සිද්ධියට මුහුණ පා ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද රෝහල් සේවයේ නිරත පුද්ගලයෙක්.

ඔහු ටික්ටොක් සමාජ ජාලය හරහා මෙම සැකකාර තරුණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා තිබෙනවා.

පසුව සැකකාරිය විසින් තරුණයාගෙන් මුදල් ඉල්ලා ඇති අතර තමා අත දැනට මුදල් නොමැති බව තරුණයා ඇයට දැන්වීමෙන් අනතුරුව පෙම් සබඳතාවය තාවකාලිකව නතරවී ඇති බවයි වාර්තා වන්නේ.