මෙරට දරුවන් අතර උග්‍ර පෝෂණ ඌනතා – දැඩි මන්දපෝෂණ තත්ත්වයට අවදානමක්
මාස හයට වැඩි, අඩු බර දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ, එම්. එම්. එන්. යකඩ කුඩු අතිරේකය (සැෂේ පැකට්) සහ උග්‍ර අඩු බර දරුවන්ට ලබාදෙන බී. පී. 100 බිස්කට් පෝෂකයන් යන කිසිවක් මේ වනවිට සායන මධ්‍යස්ථානවල හෝ රජයේ රෝහල්වල නැතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසනවා.
මේ තත්ත්වය හේතුවෙන් මන්දපෝෂණය වැළැක්වීමේ රජයේ විශේෂ වැඩපිළිවෙළ මේ වනවිට ඇනහිට ඇතැයි ද පැවසූ ඇය දිළිඳු රටක් වූ ශ්‍රී ලංකාවේ පෝෂණ ඌනතා ඇති දරුවන් එම තත්ත්වයෙන් මුදා ගැනීම අභියෝගයක් වී ඇති බවට සඳහන් කළා.
රටේ පවතින ආර්ථික තත්ත්වය මත දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ ගැටලු පැන නැගීම නිසා බඩ පුරවා ගැනීමට පමණක් ආහාර ලබාගැනීම හේතුවෙන් දරුවන් අතර උග්‍ර පෝෂණ ඌනතා මතුව ඇතැයි ද ඇය කියා සිටියා.
සෑම දරුවන් පනස් දෙනෙකුගෙන් දරුවන් විසි දෙනෙකුගේ පමණ තිබුණු බර අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් මෙම තත්ත්වය තවත් වසරක් පමණ පැවැතියහොත් දැඩි මන්දපෝෂණ තත්ත්වයක් මෙරට දරුවන් තුළ උද්ගතවීමේ හැකියාවක් පවතින බවත් ඇය අවධාරණය කර සිටියා.