බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර්ගේ පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළා.
එමෙන්ම රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ද ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට නියෝග කර තිබෙන්නේ.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු විභාගය එස්. තුරෙයිරාජා, බුවනෙක අලුවිහාරේ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබුණා.
නිතීඥ ලක්ශාන් ඩයස් මහතා මගින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නිතිපතිවරයා ඇතුළු පිරිසක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පෙත්සම්කාරිය කරුණු වසන්කර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බවත් නිතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණීෂ්කා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා.