වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න විදෙස්ගත වන දරුවන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් සහනයක්
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ, ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ප්‍රතිකාර ලබාගැනීමට විදෙස් ගතවන දරුවන් වෙනුවෙන් අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස විදෙස්ගත වන දරුවාට මෙන්ම භාරකරුට ද අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ලබාදීමට නියමිතයි.
දැයේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඔප් නැංවීමෙහිලා ප්‍රමුඛත්වය ලබාදීමට එම වැඩසටහන දියත් කෙරෙනු ලබනවා.
ඒ අනුව ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන දරුවන්ගේ තොරතුරු පහත දුරකථන අංකයට ලබාදීමට හැකියාව තිබෙනවා.
ලිහිණි මීගල්ල මහත්මිය – 0197332942