Latest News

2022 ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවරියන් තිදෙනෙක්

ශ්‍රී ලංකාවෙන් කාන්තා විනිසුරුවන් දෙදෙනෙකු සහ කාන්තා තරඟ තීරකවරියක් එළඹෙන කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්වන මට්ටමේ විනිසුරුවන් වන දේදුනු ද සිල්වා සහ නිමාලි පෙරේරා සහ තරඟ තීරකවරියක වන වැනේසා ද සිල්වා ඉදිරි බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීමට නියමිතයි.

ඔවුන් තිදෙනාම ගෘහස්ථ තරඟවල ඉහළ පළපුරුද්දක් ඇති තරඟ නිලධාරීන් වන අතර සියලුම කාන්තා ප්‍රධාන තරඟාවලිවල විනිසුරුවරයා ලෙස කටයුතු කිරීමට අමතරව පිරිමි පළමු පන්තියේ සහ ‘ඒ’ ලැයිස්තු තරඟවල විනිසුරුවන් ලෙස කටයුතු කර තිබෙනවා.

2022 කාන්තා T20 ආසියානු කුසලානය ඔක්තෝබර් 1 සිට 16 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙනවා.