Latest News

රාජකීය යෂ්ටිය මත තිබූ දියමන්තිය නැවත දෙන්නැයි ඉල්ලීමක්

බ්‍රිතාන්‍යයට බලකරමින් දකුණු අප්‍රිකාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබෙනවා.

ඒ, දෙවන එළිසබෙත් රැජින රාජ්‍යත්වය සංකේතවත් කිරීම සඳහා සිය අතදරා සිටි රාජකීය යෂ්ටිය මත ඇති කැරට් 500ක දියමන්තියක් නැවතත් තම රටට ලබාදෙන ලෙස ඉල්ලමින්.

එය යටත්විජිත සමයේදී තම රටින් කොල්ලකෑ වස්තුවක් බව දකුණු අප්‍රිකා ක්‍රියාකාරීන් චෝදනා කරනවා.

එහෙත් එය 1907 වසරේදී එවක බ්‍රිතාන්‍ය පාලනය කළ හත්වැනි එඩ්වර්ඩ් රජු වෙත දකුණු අප්‍රිකාවෙන් ත්‍යාග ලෙස ලැබී ඇති බව බ්‍රිතාන්‍යය පවසනවා.

“ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකා” එනම් ‘Cullinan’ ලෙස නම් වන අදාළ දියමන්තිය, ලොව එතෙක් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම පැහැදිලි දියමන්තිය ලෙස ද සැලකෙනවා.