හරීන්ට ඩයනා කුමරිය සහ ඩයනා ගමගේ පැටලෙයි
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලී තිබෙනවා.
එහිදී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා අමතමින් ඇසූයේ, “ඔබතුමාගේ රාජ්‍ය ඇමතිතුමිය මේ දිනවල යම් දෙයක් “ප්‍රමෝට්” කරන බවත් එයට ඔබ එකඟද? යන්න පැහැදිලි කරන ලෙසයි.
ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ, ලංකාවේ සමහර දේවල් මඩ ගහන්න ප්‍රකාශ කරන බවයි.
“සබඳ අපි කුඳු වෙනවද? කුඩු ගහනවා ද? කියා ඇතැම් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. ඒ වගේ පහත් විදියට මඩ ගසා තිබෙනවා.
ඔය ප්‍රශ්නෙ ඩයනා කුමාරියගෙන් අහන්න. සමාවෙන්න, ඩයනා ඇමති තුමියගෙන් ඒ ප්‍රශ්නය අහන්න. එතුමිය හරියට උත්තර දේවි.” යනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.