“අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පෙර ගැටළු වලට ප්‍රායෝගික පිළිතුරක් අවශ්‍යයි “- ආචාර්ය හරිනි අමරසූරිය
ෆින්ලන්තයේ මොඩල් ගැන කතා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කලද, ඊට වඩා දැවෙන ප්‍රශ්න සිස්ටම් එක තුල තිබීම හේතුවෙන් තියෙන ගැටළු සඳහා ප්‍රායෝගික පිළිතුරක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කලේ,
“අපිට වාර්තා වෙනවා. දරුවන් බඩගින්නේ ඉස්කෝලෙට එන්නේ කියලා. එසෙම්බ්ලි තියන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා, ළමයි කලන්තේ දාලා වැටෙනවා. ගුරුවරු අපිට කියනවා ඔවුන්, ඔවුන්ගේ ආහාර ගෙනියන ප්‍රමාණය වැඩිකරලා තියෙනවා.මොකෝ අනිවාර්යෙන්ම ළමයි ඉන්නවා කන්න නැතිව ඉස්කෝලෙට ඇවිල්ලා කියලා, දැන් ඔවුන් කතා කරනවා යම්කිසි විදියක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ෆින්ලන්තයේ මොඩල් මෙහාට ගේන එක ගැන කතා කරන්නේ, නමුත් ඊට වඩා දැවෙන ප්‍රශ්න මේ සිස්ටම් එක තුල තියෙනවා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද ? මේ තියෙන ගැටළු වලට නිශ්චිත ප්‍රායෝගික පිළිතුරු ද ? කියන එක අපිට හිතන්නට වෙනවා.”