Latest News

සින්ඩි මැකේන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

ඒ අනුව 25 වනදා සිට 28 වනදා දක්වා ඒ මහත්මිය මෙරට රැඳී සිටින බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩසටහන් අවධාරණය කිරීමටත් මෙරට සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම හා ශ්‍රී ලංකාව සමගින් දීර්ඝ කාලයක සිට පවත්නා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමටත් සින්ඩි මැකේන් මහත්මිය විසින් මෙරට සංචාරය කරනු ලබනවා.