Latest News

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස්ට අතුරු ඇප නියම කෙරේ

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණය අද (26) නියම කර තිබෙනවා.

රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාළ නඩුවක විත්තිකාරියක් ලෙස නම් කර සිටින ඇය අද අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ජැකලින් ෆර්නැන්ඩස් විසින් අධිකරණය වෙත පැමිණියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවයි.