Latest News

හිටපු ජනාධිපති බිරිඳගෙන් කප්පම් ඉල්ලූ අයෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ,රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් හිටපු ජනාධිපති බිරිඳට ඇමතුම් 30 ක් පමණ ලබාදී බවයි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ වී තිබෙනවා.