Latest News

කඩවත අධිවේගී මාර්ගයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

කඩවත, ඉහළ කරගහමුණ ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ වැට ආසන්නයේ තිබී ඊයේ (26) දිනයේදී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ක් පමණ වන අඩි 5 යි අඟල් 2ක් පමණ උස සාමන්‍ය සිරුරක් ඇති කාන්තාවක්.

ඇය සිඟමන් යදින කාන්තාවක බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

කෙසේවෙතත් පොලිසිය සඳහන් කලේ, මරණයට පත් කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිව නැති බවයි.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය සිදු කරනවා.