ඥාතින් සංවේදී කරමින් උපන් දිනය දා හර්ෂණිගේ නිසල සිරුර නිවසට
වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ බව කියන තරුණියක් පිළිබඳ පුවතක් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ජා ඇල – දැලතුර ප්‍රදේශයේ පදිංචි බුද්ධිකා හර්ෂණි නමැති තරුණියක්.
අදාළ තරුණිය පසුගිය මස 13 වනදා සිය යුගදිවිය ආරම්භ කලේ, දහසකුත් බලාපොරොත්තු ඇතිවයි.
කෙසේවෙතත් ඇය උදරය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වත්තල ප්‍රදේශයේ පෞද්ගිලක රෝහලක දී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුව තිබෙනවා.
එහිදී ඇයට පිත්තාශයේ ගල් ඇති වී ඇති බවට නිරීක්ෂණය කරන වෛද්‍යවරයා ශල්‍යකර්මයක් සිදු කිරීමට නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඉකුත් පලමුවෙනිදා අලුයම අදාළ වෛද්‍යවරයා විසින් බුද්ධිකාට ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර, එහි දී ඇති වූ සංකූලතා හේතුවෙන් ඇයව කඩිනමින් උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට යි පියවර ගෙන තිබෙනවා.
දින ගණණාවක් එහි ප්‍රතිකාර ලැබූ බුද්ධිකා ඉකුත් 25 වනදා සිය ජීවන ගමනට සමුදී තිබෙනවා.
ඇයගේ උපන් දිනය ද යෙදී තිබුණේ ඊයේ (27) දිනයේදී යි.
උපන් දිනය දා ඇයගේ නිසල සිරුර නිවස තුළ තිබුණේ ඇයගේ ආදරණීයයන් තුළ දැඩි සංවේගයක් ඇති කරමින්.
පෞද්ගලික රෝහලක් තුළ ඇයට සිදුකළ සැත්කම වෛද්‍යවරයා විසින් නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බවට පවුලේ ඥාතීන් චෝදනා කරනවා.
හර්ෂණී ධර්මවික්‍රමගේ සහෝදරයා වන ප්‍රසාද් ධර්මවික්‍රම,
“ඇතිවූ සංකූලතා නිසා මුත්‍රා ලේ පාටට යන්න ගත්තා. බඩ ඉදිමෙන්න ගත්තා. ඒ වෙලාවෙම එයාව ICU එකට ගන්න කියලා නිර්දේශ කෙරුණා. මුත්‍රා ලේ පාටින් යනවා කිව්වට වෛද්‍ය කාර්යමණ්ඩලය කිසිම තැකීමක් කළේ නැහැ. බඩ ඉදිමුණා කියලා කිව්වට පස්සේ තමයි ඒ අය බය වුණේ. 02 දා වෛද්‍යවරයාගේ නිර්දේශය මත රාගම ICU එකට මාරු කළා. එතැන් සිට දින 25ක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිලා පසුගිය 25 වනදා අපෙන් සදහටම වෙන්වුණා.”
“වෛද්‍යවරයා කිව්වේ මේක සිම්පල් දෙයක්. පොඩි දෙයක් කියලා…රිපෝට් බලන්නෙත් නැතුව ඔහේ යනවා. ඔහු මේක හරිම සරල විදිහට තමයි භාර ගත්තේ.”
“මෙයාගේ ශරීරය අභ්‍යන්තරයේ තුවාල කරලා. ඒ නිසා තමයි මෙයාට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණේ.”