Latest News

මහින්ද අමරවීරගේ මන්ත්‍රී වැටුප ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා පරිත්‍යාග කරයි

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

මීට අමතරව තම හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාගද මෙම සත්කාරයට යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෝෂණ ඌණතා ඇති මව්වරුන් හදුනා ගැනීමට, අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කලේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් විසින් ලබා දෙන තොරතුරු මත සෑම ගැබිණි මාතාවකටම රුපියල් 5000 පමණ වටිනා පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් ආහාර මල්ලක් බැගින් මාසිකව ලබා දීමට කටයුතු යොදා තිබෙන බවයි.

දැනට හඳුනාගෙන ඇති පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12ක ගැබිණි මව්වරුන් 6000ක් සිටින අතර එම සියලු දෙනාටම පෝෂණ මල්ලක් බැගින් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.