Latest News

දමිතා ගෝල්ෆේස් එකට ආවේ රැල්ලට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට පිවිසීම සම්බන්ධයෙන්, අරගලකරුවන් විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් සිය විරෝධය එල්ල කර තිබෙනවා.

එහිදී මාධ්‍ය හමුව අමතමින් ජන අරගලයේ පුරවැසියෝ සංගමයේ ලේකම් චානක බණ්ඩාර සඳහන් කලේ,

“අපිට දැන් පේනවා අලුත්ම නාටකය, දමිතා අබේරත්න මහත්මියගේ නාටකය, දමිතා අබේරත්න ආවේ නිර්පාක්ෂිකයි , 225 ම එපා. 225ම ගෝ හෝම් , ගෝඨා ගෝ හෝම් කියලා අරගලය තුළට ඇවිල්ලා, මේ අරගලය තුළ දමිතා කරපු භූමිකාව කියලා දැන් තමයි එලියට එන්නේ. දමිතා අබේරත්න මහත්මිය දේශපාලනය ගැන කිසිදු දැනුමක් නැහැ. කිසිදු උගත්කමක් නෑ, කිසිදු බුද්ධිමත්කමක් නෑ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. නිකන් රැල්ලට ආවා ගෝල්ෆේස් එකට, අරගලය තුළ සිස්ටම් චේන්ජ් කියලා කතා කරේ, ඔය කියන සිස්ටම් එකට නෙමෙයි. දමිතා අබේරත්න මැතිනියගේ දේශපාලන නිරුවත මේ හරහා සමාජයට එළිවෙනවා. ලෝකෙට එළිවෙනවා.” බවයි.