පාසල් සිසුන් මිලියනයකට සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක්
තවත් පාසල් සිසුන් මිලියනයක් සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම වෙනුවෙන් පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එහිදී වැඩිදුරටත් යෝජනා වී ඇත්තේ මේ සඳහා අවශ්‍ය අරමුදල් විදේශීය ප්‍රදානයන් මගින් සපයා ගැනීමටයි.
මේ වනවිටත් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 4ක පමණ වියදමකින් පාසල් සිසුන් වෙත ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා.
පාසල් 7,926ක සිසුන් මිලියන 1.08ක් එම වැඩසටහනේ ඉලක්කය වී තිබෙනවා.
දිළිඳුකම තුරන් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස ඉලක්ක කරගත් වැඩසටහන් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා බවත් කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.