ආහාර විසවීමකින් පාසල් සිසුන් 17ක් රෝහල්ගත කෙරේ
ආහාර විසවීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (05) උදෑසන පාසලෙන් ලබාදී ඇති ආහාර අනුභව කිරීමෙන් අනතුරුව දරුවන් රෝගී වී ඇති බව වාර්තා වනවා.
පසුව ඔවුන් කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, එලෙස ඇතුළත් කළ සිසුන් සියලුදෙනාම මේ වනවිට වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබමින් සිටිනවා.