Latest News

මුදල් වංචාවක් හේතුවෙන් තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට

රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකාර කාන්තාව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ කාන්තාව ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූණා.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි ලෙස මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කෝටිපති ව්‍යාපාරිකයින් , වෛද්‍යවරුන් ඇතුලු තවත් පිරිසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

එම තැන්පත් කර ඇති මුදල්වලට පොලී මුදල් නොගෙවීම හේතුවෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ.