කොන්ඩ බූලක් ගෙලේ සිරවී 8 හැවිරිදි දරුවෙකු මරුට
තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමා ගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක පැටලී ගෙළ සිර වීමෙන් 8 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අඟුරුවාතොට – මහබෝගොඩ ප්‍රදේශයේ විදුහලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.
එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර, රාජකාරී නිමවා නිවසට පැමිණ ඇති ඔහුගේ පියා විසින් දැක ඇත්තේ, නිදන කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇණයක මෙලෙස දරුවා එල්ලී සිටින ආකාරයයි.
එම අවස්ථාවේම පියා සිය දරුවා හොරණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේවෙතත් දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.