ජාතික සභාවට කාන්තා නියෝජනය වැඩි කරන්න – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දෙමින් ඉල්ලීමක් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මෙම ලිපිය භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනා සම්මතයට අනුව නියමිත සමාජිකයක් 35 දෙනාගෙන් 28ක් නම් කර ඇති අතර එයට ඇතුළත්ව ඇති එකම මන්ත්‍රීවරිය වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.
එමනිසා ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා වැඩි අවස්ථාවක් දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කතානායකවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා.