කතානායක ධුරය කාන්තාවන්ටත් අවශ්‍යය බවට යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්රීනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (06) රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරුණු කරුණුවලට අනුවයි.
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරෙන කොමිෂන් සභා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු තීරණ ගැනීමේ ආයතනවලට කාන්තාවන් අන්තර්ගත කිරීම සඳහා නව කෝටාවක් ඇතුළත් කිරිමට අදාළ සංශෝධන සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කතානායකවරයාට පෙන්වා දී තිබෙනවා.