සාරා ජෙස්මින්ගේ තෙවන ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අවසන්
පසුගිය 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කර ප්‍රධාන සැකකරුගේ භාර්යාව වූ සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් මියගොස් ඇති දැයි සැක හැර දැන ගැනීම සඳහා සිදුකරනු ලබන තෙවන ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අවසන් කර ඇති බව රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පවසනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, අදාළ අවසන් පරීක්ෂණ වාර්තාව අධිකරණයට හා පොලිසියට ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලබා දී ඇති බවයි.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු යළි ගොඩනැනීමෙන් පසුව මෙම ඩී.එන්.ඒ. පරීක්ෂාව තෙවන වරටත් සිදු කර තිබෙනවා.
අම්පාර පොදු සුසාන භූමියේදී පසුගිය අප්‍රේල් (27) වනදා එම සිරුරු කොටස් ගොඩගනු ලැබුවේ, කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයට අනුවයි.
සාරා ජෙස්මින් මියගොස් ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මීට පෙර ඩී.එන්.ඒ. පරීක්ෂණ 2ක් සිදු කර තිබුණා.
සාරා ජෙස්මින් සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය බවට තහවුරු වී නොමැති බව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ විමර්ශන කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර ප්‍රකාශ කර තිබුණා.