Latest News

21 හැවිරිදි තරුණියක් වෙඩි තබා ඝාතනය කෙරේ

වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ(18) රාත්‍රි 8.30ට පමණ සිදුවු වෙඩිතැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේම පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක්.

අදාළ තරුණිය කිසියම් කටයුත්තක් වෙනුවෙන් නිවසින් එළියට පැමිණි අවස්ථාවේ වෙඩිවැදීම සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

එම තරුණිය සිය පියා සමග නිවසේ ජිවත්ව සිට ඇති බව වාර්තා වනවා.

මෙහිදී නෙඩුන්කේනි පොලිසිය සඳහන් කලේ, වෙඩිතැබීමට හේතුව හා වෙඩිතැබීම සිදුකලේ කවුරුන්ද යන්න සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණ හා මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද(19) පැවැත්වීමට නියමිතයි.