මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟයේදී ඇති වූ ගැටුමට පිරිසක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟය අවසානයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමට අදාළව එරට පොලිසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟය ඇන්ජලියා ගුණසේකර ජයග්‍රහණය කර තිබුණා.
අදාළ තරඟය පැවැත්වුනේ අමෙරිකා එක්සත් ජනපදයේ සවුත් බීච්හිදී යි.
එහි අවසන් තරඟය සඳහා තරඟකාරියන් 14 දෙනෙකු තරඟ වැදුණු අතර එහිදී ඇන්ජලියා ගුණසේකර පළමු මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් බවට පත් වී තිබෙනවා.
එම තරඟයෙන් ලැබෙන ආදායම මෙරට පිළිකා ජාතික රෝහල වෙත ලබා දීමට නියමිතව තිබෙනවා.