පිළිකා රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර…
ආයුර්වේද ඖෂධ භාවිතා කිරීමේ දී පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය යහපත් වන බවට සමීක්ෂණයකින් තහවුරු වී තබෙනවා.
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්වර්ණා කළුතොටගේ පවසා සිටියේ, දේශීය ඖෂධ භාවිත කරනු ලබන පිළිකා රෝගීන් සියදෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ සමීක්ෂණයක දී මේ බව තහවුරු වූ බවයි.
මෙම සමීක්ෂණයට අනුව ආයුර්වේද ඖෂධ භාවිත කරන පිළිකා රෝගීන්ගේ ශාරීරික සහ මානසික තත්ත්වයන් සහ රෝග ව්‍යාප්තිය අවම වීම වෙනත් පිළිකා රෝගීන්ට වඩා ඉහළ මට්ටමක ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙහිදී අදාළ පිළිකා රෝගීන් සඳහා දේශීය ඖෂධ භාවිතා කරමින් සාදනු ලබන චූර්ණය වැනි දේශීය ඖෂධ ප්‍රතිකාර පද්ධතීන් භාවිත කර තිබෙනවා.
මෙම පිළිකා රෝගීන්ට අතුරු ආබාධ වැළදීම, වමනය, හිසකෙස් ගැලවී යාම වැනි රෝග ලක්ෂණ ද නොමැති බව වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකළ එම සමීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.
එසේම මේ වනවිට රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ ආයුර්වේද පර්යේෂණ ආයතනය එක්ව දේශීය ඖෂධ භාවිත කරනු ලබන පිළිකා රෝගීන්ගේ තත්ත්වයන් පිළිබඳව නවතම සමීක්ෂණය අවසන් කර තිබෙනවා.
පිළිකා රෝගීන් සඳහා ආයුර්වේද රෝහල් තුළ සායන පැවැත්වෙන අතර නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සෑම බදාදා දිනයකම සවස් කාලයේ පිළිකා රෝගීන් සඳහා සායන පවත්වනු ලබනවා.