Latest News

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චෝදනා කිහිපයක් යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතරතුර එයට සහභාගී වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවට පවසමින් පවසමින් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

කාන්තා අයිතීන් වෙනුවෙන් පසුගියදා සංවිධානය කෙරුණු මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලයට ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතරව ඇති අතර එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවා.