හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ඒ අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ (14) කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
කුරුදුවත්ත පොලීසිය මඟින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.