Latest News

රටට වැරදුණ නිසා අසරණ ජනතාව වැරදිකරුවන් කරලා – ආචාර්ය හරිනි අමරසූරිය

රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර ඇත්තේ, සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළා.

ඒ අද (17) පාර්ලිමේන්තුවේ අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින්.

ලැබෙන ආදායමින් ජීවිතය හරියට කළමනාකරණය කරගන්නට බැරි පුරවැසියන් මත වරප්‍රසාදිත ජීවිත ගත කරන අය විසින් වරද පටවා තිබෙන බවයි මන්ත්‍රීවරිය සඳහන් කලේ.

මෙහිදී මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කලේ, අයවැයෙන් ප්‍රශ්නය හෝ දේශපාලන තත්වය තේරුම් ගෙන නොමැති බවත් ප්‍රශ්නය මේ විදිහට දකින්න නම් කොච්චර නපුරු විය යුතුදැයි යනුවෙන්.

එමෙන්ම ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියා කිසිම සංවේදී බවක් පෙන්නුම් කර නොමැතිව ජනතාව පාලකයන්ගේ දුරස් වී ඇත්තේ ඇයි දැයි කිසිම හැඟීමක් නැතිව මෙය ඉදිරිපත් කර ඇති බවද ඇය සඳහන් කළා.