Latest News

මෙරටින් යන කාන්තාවන් ඕමානයේදී ගණිකා වෘත්තියට

මෙරට කාන්තාවන් 12 දෙනෙකු ඕමානයේදී ගණිකා වෘත්තිය සඳහා ප්‍රසිද්ධියේ අලෙවි කර ඇති බව අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලමින් සිටින බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කලේ,

“සංචාරක වීසාවලින් අරගෙන ගිහිල්ලා ගැහැණු ළමයි වගයක් ඕමාන්වලට ගෙනියලා ඒ අයට වෙච්ච දෙයක් නෑ කියලා කියනවා. ඩුබායි සහ අනෙක් රටවල් ටිකට මේ විදිහට සංචාරක වීසාවලින් ගෙනියනවා. බිස්නස් කරනවා. අපේ ගැහැණු ළමයිව විකුණලා.”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,

“කාන්තාවන් 12ක් අරගෙන ගිහින් තියෙන්නේ අබුඩාබිවලට. එතනින් ඕමානයට ගිහිල්ලා. ඕමානයේදී ප්‍රසිද්ධියේ මේ අයව ඔක්ෂන් කරලා තියෙනවා. උත්සවයකදී. ගණිකා වෘත්තියට අරගෙන ගියා කියලා තමයි කියන්නේ. කරුණාකරලා මේකට රජයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.”

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,

“මේ වගේ තොරතුරු රාශියක් අපි මාධ්‍ය හරහා දැක්කා. අපිත් අවධානය යොමු කරලා තියෙනවා. සමහර රැකියා ඒජන්තවරු කිසිදු ප්‍රමිතියකින් තොරව මේ වගේ කූඨ කටයුතුවල යෙදෙන බව තොරතුරු රාශියක් දීර්ඝ කාලයක් තිස්සේ වරින්වර ලැබිලා තිබෙනවා. ඒ ගැන අපි තීරණයක් අරගෙන දැනුම් දෙන්නම්.”