ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ සැකකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අද (21) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරමට සම්බන්ධ 45 හැවිරිදි උප ඒජන්තවරයෙකුත් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගැනුණේ පසුගිය (19) වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේදී යි.
එමෙන්ම ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පෙරේදා කටුනායක ගුවන්තොටුපලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.