සාරියේ ශාපය අවසන් ලෙස ගුරුවරියකගෙන් ප්‍රකාශයක්
දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්යයක් බව එම ගුරුවරුන් සඳහන් කරනවා.
මෙහිදී එක් ගුරුවරියක් විසින් මෙම තීරණය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත අදහස් පළ කර තිබුනේ මෙලසින්.
“වර්ථමාන සමාජ ආර්ථික සංස්කෘතික ගැටලු රැසකට විකල්පයක් විදිහට අපි අද ඉඳන් කැශුවල්. තව ගොඩක් අය මේ පියවර තිබ්බා ලංකාව පුරා. මීට අදාළ ඡායාරූප සාරියේ ශාපය අවසන් කරමු සමූහයට දානවා.අඳින්න බය අය හෙට ඉඳන් පටන්ගන්න. සංස්කෘතික බලකායෙ විවේචනනම් අදාලම නෑ. ඒ අය තම තමන් තනියෙන් කියෝගන්න. ” – තිලිනි ෂැල්වින්
කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කලේ, ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස්කිරීමට තීරණය නො කරන බවයි.