කාන්තාවන් ගෘහ සේවයට යැවීම තාවකාලිකව නවතයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.