හිටපු ජනපතිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ ඊයේ (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති මධ්‍යම කාරක සභා අවස්ථාවේදී යි.
මෙම තීරණය මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව ගත් පියවරක් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේ.