Latest News

වින්ඩිගේ “අයියෝ සාමි” ගීතය දකුණු ඉන්දියාවට ……

මේ දිනවල බොහෝදෙනා කතාබහට ලක් කරන ගීතයක් තමයි වින්ඩි ගුණතිලකගේ “අයියෝ සාමි” ගීතය.

නව ආරයේ සංගීත රටාවකින් සංගීතවත් වූ මෙම ගීතය දමිළ බසින් ලියැවුනත් එය භේදයකින් තොරව රසිකයන් අතරට ගොස් තිබෙනවා.

වින්ඩිගේ “අයියෝ සාමි නී” ගීතයේ සංගීත නිර්මාණය ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ විසින් සිදුකර ඇති අතර පද රචනය පොතුවිල් අස්මින් විසින් සිදුකර තිබෙනවා.

මෙම ගීතය youtube හි නැරඹුම්වාර මිලියන 4 සීමාව පසුකර ඇති අතර, වඩාත් සතුටුදායක පුවත වන්නේ එම ගීතය මේ වන විට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වෙමින් පවතින බව වාර්තා වීමයි.

එම ගීතය සඳහා තමිල්නාඩුවේ ජීවත්වෙන ඉන්දියානු ජාතිකයෙකු මෙවැනි ප්‍රතිචාරයක් පළ කර තිබෙනවා.

“මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යන විට මට තැන් කිහිපයකින් ගීතය අඛණ්ඩව ඇහෙනවා. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි. මම දැනගෙන හිටියේ නැහැ මේක ලංකාවේ කාන්තාවක් ගායනා කරනවා කියලා. මම යූටියුබ් එකේ සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා! ඔබ සැමට ආදරෙයි. ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි.”

වින්ඩි ගුණතිලක, ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා ගුණතිලකගේ ලාභාලතම දියණිය වනවා.