Latest News

පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් චක්‍රලේඛයක්

පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රණසිංහ පවසනවා.

පසුගිය දා ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණ තිබුණා.

මේ හේතුවෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කරන බව ලේකම්වරයා අවධාරණය කළා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගුරුවරියන්, සාරිය සහ ඔසරිය ඇදීම වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණ තිබීම සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රශ්නකර තිබුණා.

ඒ අනුව අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහාන් කලේ, කොවිඩ් වසංගත සමයේ දී රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන අතර, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.