Latest News

වසර 30ක් අධික ශීතලක සංරක්ෂණය කෙරූ කළලයකින් නිවුන් දරු උපතක්

ලෝකයේ සිටින සියලු දෙනාම පුදුම කරවන නිවුන් දරු උපතක් ගැන විදෙස් මාධ්‍ය මේ දිනවල වැඩි වශයෙන් වාර්තා කරනවා.

වසර 30ක් තිස්සේ සංරක්ෂණය කර කළලයකින් මෙම නිවුන් දරු උපත සිදුව ඇති අතර වසර 30ක කාලයක් එම කළලය අධික ශීතලක සංරක්ෂණය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වාර්තාවල සඳහන් වන්නේ, සෙල්සියස් අංශක සෘණ 128 ක දැඩි ශීතලක් යටතේ මෙම කළලය සංරක්ෂණය කර ඇති බවයි.

මෙම සුවිශේෂී දරු උපත වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

විවාහක යුවළ විසින් පරිත්‍යාග කර ඇති ඩිම්බ සහ ශුක්‍රාණු යොදාගෙන එම කළලය සංසේචනය කර තිබෙනවා.

අනතුරුව දියර නයිට්‍රජන් මත මෙම කළලය ගබඩා කර ඇත්තේ 1992 වසරේ අප්‍රේල් මස 22 වනදා යි.

රැචෙල් රිජ්වේ නම් සිවුදරු මවක විසින් අනතුරුව එම කළලය භාවිත කරමින් මෙම නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.