Latest News

වයස අවුරුදු එකහමාරක දරුවෙකු මහල් නිවාසයකින් පහළට විසි කර මරුට

වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු මහල් නිවාස සංකීර්ණයක තුන්වන මහලෙන් පහළට විසි කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයක කුඩා දරුවෙකු බව පොලීසිය පවසනවා.

අදාළ දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් අදාළ දරුවා මෙලෙස පහළට විසි කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.