සාපෙළ කඩයිම විශිෂ්ඨ ලෙස ජයගත් උපතින්ම ආබාධිත අශාන්
ජා ඇළ දකුණ කුඩහකපොළ පඤ්ඤාවාස කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අශාන් ජනිත් දිල්ෂාන් යනු උපතින්ම ආබාධ සහිතව උපන් දරුවෙක්.
කෙසේවෙතත් අශාන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 4ක් සහ B සාමාර්ථ 4ක් ලබාගෙන පාසලේ හොඳම ප්‍රතිඵලය ලෙස හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
තම ජයග්‍රහණය ගැන අශාන් සඳහන් කලේ,
“මේක පහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක් නෙමෙයි. මම උපතේ සිටම ආබාධිත සහිතව ඉපදුන ළමයෙක්. අනිත් ළමයින්ට වගේ පාඩම් වැඩ ලොකුවට කරන්න බෑ අසනීප එක්ක. සෞඛ්‍ය බාධකත් ගොඩක් ආවා. ඒ බාධකත් මැද තමා මේ ජයග්‍රහණය ලබාගත්තේ.” යනුවෙන්.
අධ්‍යාපනය ලබාදීම සඳහා ඔහුගේ මව සහ පියා දැඩි වෙහෙසක් සහ උත්සාහයක් දරන අයුරු අශාන් සඳහන් කලේ මෙලසින්.
“අම්මා ඉස්කෝලේ ඉන්නවා මාත් එක්ක. මට කවන්න පොවන්න ඕනේ, පන්තියට එක්කන් යන්න ඕනේ නිසා අම්මා මාත් එක්කම හිටියා උදේ 7.30 ඉඳලා හවස 1.30 වෙනකල්.”
පසුගිය සමයේ ඇති වූ කොවිඩ් වසංගතය හමුවේ පාසල් පැවැත්වීම සීමා වීම නිසා අද දෙරණ 24 නාලිකාව හරහා විකාශය වූ “අද දෙරණ education” නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන්ද සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමට උපකාරී වූ බව අශාන් පවසනවා.
අශාන්ගේ බලාපොරොත්තුව පරිගණක ඉංජිනේරුවරයෙක් වීම වුවත් එයට මුදල් හරස් වී තිබෙනවා.
“මගේ බලාපොරොත්තුව තමා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදියට රටට ලෝකයට සේවය කරන්න. මට උපාධිය ගන්න උදව් කරයි කියලා හිතනවා.”
අශාන් ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077 222 6791 දුරකථන අංකයෙන් අප වාර්තාකරු සම්බන්ධ කර ගත හැකියි.