අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය දියත උයන ඉදිරිපිට උද්ඝෝෂණයක
“ජීවන බර, අධ්‍යාපන බර අඩු කරනු, කාන්තාවනි! ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු” මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) උදෑසන පැවැත් වුණා.
ඒ දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී යි.
එම කාන්තාවන් පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට යාමේදී එයට පොලීසියෙන් බාධා එල්ල වුණා.
පසුව ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ මහා මාර්ගයේ බිම වාඩිවී විරෝධතා දක්වා විසිර ගොස්ව තිබෙනවා.